..:: නිවසේ බල්බයට වැඩි ආයු කාලයක් ලබා දෙමු. ::..

..:: නිවසේ බල්බයට වැඩි ආයු කාලයක් ලබා දෙමු. ::..


ඔන්න ගොඩක් දවසකට පස්සෙ මම සිප් සලට අලුත් ඇඳුමක් අන්දවාගෙනම ඔයාලට වැදගත් ලිපියක් ගෙනාවා.

ගොඩක් දෙනෙක් පාවිචි කරන නිවසේ විදුලි බුබුල ඉක්මනට පිළිස්සී යනවා.මේක හරිම කරදරයක්.සාමාන‍ය විදුලි බුබුල පිළිස්සී යාමට නොදී එයට වැඩි ආයු කාළයක් ලබා දීමට හැකිනම් එය මුදල් පසුම්බියටත් හොදයි.මේකට වැඩි වැඩක් නැහැ පහසුවෙන්ම ඕනම් කෙනෙකුට සාදා ගත හැකි සාරල ක්‍රමයක් කියාදෙන්නම්.

පහත රූපයෙ පෙනෙන පරිදි සකසාගත යුතුය.
D1යනුවෙන් යොදා ඇති ඩයොඩ් එක මඟින් බල්බයට ලබාගන්නා ධාරාවෙන් භාගයක්ම කපා හරී.ඉතින් සමහරක් වෙලාවට ධාරාව වැඩිවී පැමිනීම හේතුවෙන් බල්බ පිලිස්සී යනු ඇත.මෙම ක්‍රමය යොදා ඇත්නම් එසේ සිදුවන්නේ නැත.
උපකරණ ලෙස ගත යුත්තේ 1N4005 ඩයොඩය පමණි.මේ සඳහා 1N4006 , 1N4007 , 1N 5406 යන ඩයොඩ කුමක් වුවත් කමක් නැහැ.නමුත් ඩයොඩයේ ධන පැත්ත හෝල්ඩරය දෙසටත් රිණ පැත්ත වයරයටත් සම්බන්ධ විය යුතුය.

ඩයොඩයේ ධන පැත්ත සොයා ගන්න විදිය පහත රූපය දෙස බලන්න.

මෙහි බඳේ කුඩා සුදු ඉරක් ඇඳ ඇත.එය තමයි ධන පැත්ත.

නිවැරදිව සකසා බල්බයට විදුලිය සපයා බලන්න.

සැ.යු:-මෙහි ධාරාව හරි අඩකින් කපාහරින බැවින් බල්බයේ දිස්නය (එලිය ) අඩුවනු ඇත.එබැවින් වොට් 100ක (100W) පමන බල්බයක් යෙදීම සුදුසුය.

මෙම ලිපිය ඔබට වැදගත්නම් අදහසක් දාලම යන්න.

+ comments + 10 comments

Anonymous
October 23, 2010 at 4:41 PM

කරලා බලන්න ඕනෙ.

Anonymous
October 23, 2010 at 6:56 PM

අප දන්නා පරිදි සූත්‍රිකා පහන් කොහොමත් අකාර්යක්‍ෂමය. හේතුව වැඩි ශක්ති ප්‍රමාණයක් තාපය ලෙස අපතේ යයි. මේවා උපරිම කාර්යකෂමතාවයෙන් ක්‍රියාකිරීමට නම් නියමිත rms වොල්ටීයතාව (AC බල්බ සඳහා) සැපයිය යුතුය. මෙසේ ඩයෝඩයක් සවි කළ විට බල්බය නියමිත ක්ෂමතාවයෙන් ක්‍රියා නොකරන නිසා පැහැදිලි ලෙසම බල්බයේ ආයු කාලය ඉතා දිගුවේ.
නමුත් බල්බයේ ආයු කාලය දිගු වුවත් නියමිත ක්ෂමතාවයෙන් ක්‍රියා නොකිරීම නිසා පෙරටත් වඩා විශාල ශක්ති ප්‍රතිශතයක් තාපය ලෙස අපතේ යයි. ආලෝකය ලෙස ලැබෙන්නේ ඉතා කුඩා ප්‍රතිශතයකි.
එබැවින් ශක්ති සංරකෂණය පැත්තෙන් බැලූ කල මෙය නුසුදුසු ක්‍රියාවකි. (සුත්‍රිකා පහන් වලට සම්බන්ධකරන dimmer circuitද ශක්ති සංරකෂණය පැත්තෙන් ඉතා අසාර්ථකය.)
දිගුකාලීනව මෙලෙස භාවිතාකිරීම අපේ පසුම්බියට මෙන්ම රටටද ඉතා අහිතකරය. මන්ද බල්බයේ මිලට වඩා වැඩි මුදලක් දිගුකාලීනව අප තාපය ලෙස අපතේ හරින ශක්තියට වැය කරන බැවිනි.
මෙම ප්‍රතිචාරය වරදවා වටහා නොගන්න. මෙබඳු දෑ හි දෝෂ දැනගැනීමෙන්, දෝශ අවම විසඳුම් උදෙසා පිරිස් උනන්දු කරවීම සඳහා කීමි.

October 23, 2010 at 7:25 PM

Sahoodaraya

Oya diode eakay + and - maaaru karala dala teyenne
:p

http://www.asashop.org/autoinc/aug2000/img/TTfig1.gif

October 23, 2010 at 8:10 PM

එතකොට සාමාන්‍ය බුබුලකට වඩා විදුලි පරිභෝජනය ඉහල යාමක් සහ ශක්ති හානියක් ස්දුවෙන්නේ නැද්ද?

October 24, 2010 at 10:20 AM

මේ ක්‍රමේ ඉතාම අසාර්ථක ක්‍රමයක්. මේකෙන් ශක්ති හානිය වැඩි වෙනවා වගේම බල්බයෙන් ගත හැකි ප්‍රයෝජනේ ගන්න බැයි වෙනවා. සමහර විට ඇහැටත් අමාරු වෙයි, ඇති නිවි නිවි පත්තු වෙනව වගේ කෙනෙක්ට පේන්න පුළුවන්. (මේක හැමෝටම අදාල නෑ.)
තව දෙයක්, මම දන්නතරමින් නම් සූත්‍රිකා පහනකට වැඩිම ආයු කාලයක් ලැබෙන්නෙ එය එක දිගටම දැල්වී තිබෙන විටයි. පහන් වල ආයු කාලය සඳහන් කරන්නෙත් එක දිගටම දල්වා තැබිය හැකි කාලයනෙ. නිවන්න පත්තු කරන්න ගියාම ඒක වඩා වේගයෙන් සවුත්තු වෙනවා.
උදා: පැය 1000ක ආයු කාලයක් ඇති බල්බයක් එක දිගට දාල තිබ්බොත් පැය 1000ක් දැල්වේවි. නමුත් එය නිව නිව දානකොට ඒකෙ මුළු ආයු කාලය පැය 1000ට වඩා අඩු වෙනවා. ඒකට හේතුව වෙන්නෙ, සැරෙන් සැරේ රත් වීම හා සිසිල් වීම නිසා එහි temperature fatigue failure එකක් සිදුවීම.
ඔය අපි කම්බියක් නවල දිග හැරල කඩන්නෙ, එතනදි වෙන්නෙ ඒ නැවීම දිග හැරීම නිසා බන්ධන දුර්වලවෙලා කැඩිල යාමක්, උෂ්ණත්වය මගිනුත් ඒකම වෙනවා. නිතර නිතර රත් වීම සිසිල් වීම මගිනුත් නැවීම දිග හැරීම නිසා සිදු වෙන වගේම ක්‍රියාවලියක් වෙනවා.
ඉතින් ඔයාගෙ වැඩෙන් වෙන්නෙ බල්බයේ ආයු කාලය කෙටි වීම, දිගු වීම නෙමෙයි. ඒත් එක්කම ශක්ති හානිය වැඩි වීම.

October 24, 2010 at 10:23 AM

ආ තව එකක් අමතක උනනෙ. අර කිව්වත් වගේ ඔයා ඩයෝඩයේ ඇනෝඩය හා කැතෝඩයමාරු කරල. කැතෝඩය මතයිඅර ඉර තියෙන්නෙ, ඇනෝඩයේ නෙමෙයි.
ඒත් එක්කමතව කියන්න ඕනෙ දෙයක් තිබෙනවා, ඉලෙක්ට්‍රොනික්ස් වලදි හැම වෙලේම ප්‍රධාන තැන ලැබෙන්නෙ කැතෝඩයට ඒ කියන්නෙ සෘණ අග්‍රයට.

October 24, 2010 at 11:30 AM

කාංචන දිනූක, ඔබ හරි.

Anonymous
October 24, 2010 at 1:47 PM

@ලහිරු.
බුබුල සාමාන්‍ය ලෙස භාවිතා කරනවාට වඩා විදුලි පරිභෝජනය අඩුවෙයි. නමුත් සාමාන්‍ය අවස්ථාවට වඩා ඉතා වැඩි ශක්ති ප්‍රතිශතයක් තාපය ලෙස අපතේ යයි. එනම් ඩයෝඩය යෙදූ බල්බයේ ඇති ආලෝකයට සමාන, ඩයොඩය නොයෙදූ බල්බයක් හා සංසන්දනය කළහොත් ඩයෝඩය යෙදූ බල්බය අනෙක භාවිතා කරනවාට වඩා විදුලි පරිභෝජනයක් හා වැඩි ශක්ති හානියක් සිදු කරයි. එබැවින් අඩු ආලොකයෙන් යුතු බල්බයක් සාමාන්‍ය පරිදි භාවිතා කිරිම වාසිදායකය.

@මාධව.
බල්බයේ උෂ්ණත්වය ආසන්න වශයෙන් නියතව තියනවා නේද. එම උපකල්පනය යටතේ නියමිත ක්‍ෂමතාවයෙන් බාගයකින් ක්‍රියාකරන බල්බය අනිවාර්යෙන්ම වැඩි ආයු කාලයකින් යුක්ත විය යුතුය. නිතර නිතර නිවන දල්වන බල්බයකට නම් ඔබේ කතාව හරි. (උෂ්ණත්වයේ බලපෑම ගැන මට වඩා හොදට ඔබට විස්තර කළ හැකියි. උෂ්ණත්වය ආසන්න ලෙස නියතය යන උපකල්පනයේ පිහිටා පැහැදිලි කළෙමි.)

October 25, 2010 at 10:58 AM

ඔබ කාංචන වෙනුවෙන් දුන් උත්තරය හරි.
වොට් 100ක බල්බයකට මේ වැඩේ කළොත් වොට් 50කට වඩා ටිකක් වැඩි එලියක් දෙයි. නමුත් වොට් 50ක බල්බයකින් සිදුවන ශක්ති හානියට වඩා වැඩි ශක්ති හානියක් සිදුවේවි.

උෂ්ණත්වය නියතමයයි සළකන්න බැරිම කමක් නෑ. නමුත් තත්පර 1/50ක කාලයක් සූත්‍රිකාවට විදුලිය නොලැබී තිබෙනවා. ඒ කාලය තුළදී සාමාන්‍යයෙන් සූත්‍රිකාවේ උෂ්ණත්වය සෙල්සියස් 3000 සිට සෙල්සියස් 2500 දක්වා අගයකටවත් පහළ යන්න පුළුවන්. ඒ උෂ්ණත්ව වෙනස සාමාන්‍යයෙන් සළකන කෙනෙක්ට වෙනසක් නෑ කියල කියන්න පුළුවන්, නමුත් ඒ ද්‍රව්‍යයේ ගූණ එක්ක සළකන කෙනෙක්ට සෙල්සියස් 200ක වගේ වෙනසකුත් හුඟක් ලොකුයි.
ඒ නිසා මෙම තත්පර 1/50 කාලය උනත් සූත්‍රිකාවට temperature fatigue එකක් වෙන්න හොඳටම ප්‍රමාණවත්. අනික මේක ඉතා වේගයෙන් ඉතා දිගු කාලයකුත් සිදු වෙනවානෙ. ඉතින් ඒ වේගය තවත් සූත්‍රිකාව දුර්වල වීම වේගවත් කරනවා.

October 25, 2010 at 11:00 AM

සමාවෙන්න මුල් කොමෙන්ටුවෙ පොඩිවැරදීමක් වෙලා තිබ්බ, "කාංචන වෙනුවෙන්" නෙමෙයි, "ළහිරු වෙනුවෙන්" කියල ඒක වෙනස් වෙන්න ඕනෙ.

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිප්සල - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template | Distributed By: BloggerBulk
Proudly powered by Blogger